27 April 2024
#සංවර්ධන

කටාන නගර සැලසුමකට සූදානම් – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

ආර්ථික වශයෙන් සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති කටාන ප්‍රදේශයට ක්‍රමවත් නගර සැලසුමක් සිදු කිරීමට මූලික බිම් පරික්ෂාව සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එක්වූවාය.

එහිදී නව සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය ඉඩම් පරික්ෂාව සිදුවූ අතර ඒ සදහා යෝජිත මූලික සැලැස්ම පිළිබදවද සාකච්ඡාවට ලක්විය.

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළත්, කටුනායක අපනයන සැකසුම් කළාපයත් පිහිටීම තුළ ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයක සංචාරක ආකර්ෂණයත්, ඒහා සම්බන්ධ පහසුකම් වැඩිදියුණු කිරීමත් විශේෂයෙන් ජනජීවිතය ක්‍රමවත් කිරීමත් මෙම සංවර්ධන සැලසුමේ අරමුණ වියයුතු බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සදහන් කළාය.

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව සැරිසරන ගුවන්මගීන් ප්‍රමාණය මිලියන 10 ත් 15ත් අතර පවතින බැවින් එම පිරිස ක්‍රමාණුකූලව ප්‍රදේශය තුළට ගෙන්වාගැනීමේ උපායමාර්ගික වැඩපිළීවෙලක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් එමගින් සුවිශේෂී ආර්ථික වාසියක් ප්‍රදේශයේ ජනතාවට ලැබිය හැකිබව අමාත්‍යවරියගේ අදහස විය.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර, කටුනායක සීදුව නගර සභාවේ සභාපති චමිත් නිශාන්ත, කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න, කටාන ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා කොඩිතුවක්කු, නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ ඒ.එම්.එම් නිශ්ශංක, නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ රූපා රංජනී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *