රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” (Kush) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අද (19) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, සූක්ෂම ලෙස සඟවා තිබූ කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 500ක බරින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කළ අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
















