කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අද (24) අලුයම සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි 8,600ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය 58 හැවිරිදි චීන ජාතික කාන්තාවක්. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
















