ගොවියා රජෙක් යනුවෙන් හැඳින්වීම අතීතයේ පටන් පවසා ඇති අසත්‍ය ප්‍රකාශයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් ලෙස සිතා කටයුතු කිරීම නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. වාරිමාර්ග, යටිතල පහසුකම් සහ පොහොර සහනාධාර සඳහා පොදු ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වැය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගොවීන් වී මිල ගැන පමණක් සිතා සහල් පාරිභෝගිකයා ගැනද වගකීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ඉල්ලා සිටින පිරිස්ම ගොවියාගෙන් වී අඩු මිලට මිලදී ගැනීමට උත්සාහ කරන බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන ධනාත්මක වෙනස්කම් දෙස බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















