මීට වසර එකහමාරකට පෙර තමන් සතු දරිද්‍රතාවය පවසමින් ජනතා අනුකම්පාව දිනාගත් ඇතැම් ඇමතිවරුන්, අද වන විට රුපියල් කෝටි ගණනක වත්කම් හිමි කෝටිපතියන් බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එදා සිය යට ඇඳුම්වල පවා හිල් ඇති බව පවසමින් දරිද්‍රතාවය ප්‍රදර්ශනය කළ පිරිස් අද සුඛෝපභෝගී මන්දිර සහ නීති විරෝධී මූල්‍ය වත්කම් රැස්කරගෙන ඇති බව ඔහු චෝදනා කරයි. තෙමහල් සුඛෝපභෝගී මන්දිර ඉදිකිරීම්, දියණියගේ නමට ඉඩම් මිලදී ගැනීම් සහ මෙරට තහනම් ක්‍රිප්ටෝ කරන්සි වත්කම් කැබිනට් ඇමතිවරුන් සතු වීම බරපතල ගැටලුවක් බවත් ඔහු ප්‍රශ්න කරයි. ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීමට විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කළ ද, ගොවි ජනතාව ඇතුළු මහජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ආණ්ඩුව බැඳී සිටින බව රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.
















