කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, එම හරස් මාර්ගය අද (06) සිට හෙට (07) දක්වා වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (06) උදෑසන 9:30 සිට හෙට (07) උදෑසන 7:30 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත. මෙම කාලසීමාව තුළ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත්, මගී අපහසුතා මඟහරවා ගැනීම සඳහා අද පස්වරුවේ මන්දගාමී දුම්රිය තුනක් නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු යොදා ඇත.
මේ අතර, ප්‍රධාන දුම්රිය මාර්ගයේ හොරපේ දුම්රිය ස්ථානය අසල පිහිටි දුම්රිය හරස් මාර්ගයේ ද අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් සිදු කරන බැවින්, අද සහ හෙට (06, 07) යන දෙදින තුළ එම හරස් මාර්ගය ද වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දෙයි.
















