ආනයන බදු ඉහළ නැංවීමට එරෙහිව කෙන්යාවේ නයිරෝබි නුවර සුළු පරිමාණ වෙළෙඳුන් ආරම්භ කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතාව හේතුවෙන් නයිරෝබි නගර මධ්‍යයේ සිය ගණනක් ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආනයනික භාණ්ඩ අවප්‍රමාණය කර පෙන්වීම වැළැක්වීම සඳහා කෙන්යානු ආදායම් අධිකාරිය (KRA) මගින් අගෝස්තු 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අඩි 40 කන්ටේනරයක් සඳහා වන අවම රේගු බදු පදනම කෙන්යානු සිලින් මිලියන 2.5 සිට 3.2 (ඇමෙරිකානු ඩොලර් 24,700) දක්වා ඉහළ නංවා ඇත. මෙම බදු සංශෝධනය හේතුවෙන් තමන්ගේ කුඩා පරිමාණ ව්‍යාපාර දැඩි ලෙස අර්බුදයට ලක්වන බව පවසමින් වෙළෙඳුන් මෙලෙස වීථි බැස තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













