ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි ශෝකය සහ සංවේගය පළ කර තිබේ.
“තමන් විශ්වාස කළ මතය වෙනුවෙන් කෙලින් සිටි, කිසිදු දේකට නැමුණේ නැති, මහජනතාවත් එක්ක හිටගත් කලාකාරිනියක්” ලෙස එතුමිය හැඳින්වූ විපක්ෂ නායකවරයා, ඇය තුළ තිබූ මානව දයාව ඉතා ඉහළ මට්ටමක පැවති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
—














