කෝකිලායි ධීවර ගම්මානය දැඩි වෙරළ ඛාදනයකට ගොදුරු වෙමින් පවතින බවත්, මීට පෙර ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ගම්මානයට දැඩි හානි සිදුවූවත් මේ වන තෙක් නිසි බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මීගමුවට සහ කොළඹට මසුන් සපයන ප්‍රධාන ධීවර ගම්මානයක් වන කෝකිලායි හි පවතින මෙම තත්ත්වය දිනෙන් දින බරපතළ අතට හැරෙමින් පවතින අතර, ජාත්‍යන්තර සාගර දින සැමරුම්වලින් ඔබ්බට ගොස් මෙම වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක හා පාරිසරික වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.














