කොළොන්නාව සංස්කෘතික මණ්ඩලයේ 2026 වසරේ වාර්ෂික මහ සභා රැස්වීම හා නව නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ටී.බී. ඉලංගරත්න ශ්‍රවණාගාරයේදී පැවැත්වී ඇත.
කොළොන්නාව ප්‍රාදේශීය මහා ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සංස්කෘතික මණ්ඩලයට තේරී පත්වුණු මුළු නිලධාරි මණ්ඩලයම නිතරගයෙන් තෝරා පත් කර ගැනීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා රංගන ශිල්පි, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ බී. සිරිතුංග පෙරේරා (සභාපති), ඡායාරූප ශිල්පි රංජිත් පීරිස් (ලේකම්), නාට්‍ය නිෂ්පාදන අධ්‍යක්ෂ ප්‍රියන්ත කහපොළ ආරච්චි (භාණ්ඩාගාරික), සරත් කුමාරසිරි (උප සභාපති) සහ නිල්මිණි තිලකරත්න (උප ලේකම්) යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.














