වෙළෙඳාම, ඩිජිටල්කරණ සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රවල සහයෝගिताව තුළින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කරගැනීමට දෙරටේ රජයන් විශේෂ අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය ඕමානයේ මස්කට්හිදී සාර්ථකව පැවැත්වුණු අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ සහ ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උප ලේකම් ෂෙයික් කලීෆා බින් අලී බින් ඉසා අල් හාර්ති යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇත. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 45ක් සපිරීමට සමගාමීව පැවති මෙම සාකච්ඡාවලදී වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගिताව පුළුල් කිරීමට එකඟ වී ඇති අතර, ඕමානයේ සේවය කරන ශ්‍රී ලංකිකයන් 28,000ක පමණ පිරිසකගේ සුබසාධනය සහ පුහුණු ශ්‍රී ලංකික වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.














