ලෝක පරිසර දිනයට සමගාමීව හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් හැටන් කොටගල පිහිටි 114 වන පාබල බලසේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
පසුගිය (05) දින පැවති මෙම වැඩසටහන යටතේ, ප්‍රධාන මාර්ගය දෙපස ගමන් ගන්නා මගීන් විසින් පරිසරයට බැහැර කර තිබූ අපද්‍රව්‍ය සහ ඝන අපද්‍රව්‍ය සියල්ල හමුදා භට පිරිස් විසින් එකතු කර පිරිසිදු කරන ලදී. මෙලෙස එකතු කරන ලද සියලුම කසල සහ ඝන අපද්‍රව්‍ය පසුව කොටගල ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටද යුද හමුදා භට පිරිස් විසින් කටයුතු යෙදීය.
පරිසරය සුරැකීමේ සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සිදු කළ මෙම වැඩසටහන ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක් විය.
















