2026 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රජයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් සංවිධානය කෙරෙන මෙම ඇසළ උත්සවයේ 126 වැනි ශ්‍රී දළදා මහා පෙරහර එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා රාත්‍රී 8.00 සිට වීථි සංචාරය කිරීමට නියමිතය. මෙම පූජනීය මහෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ලබා දෙන මූල්‍ය සහ සංවිධායක දායකත්වය පිළිබඳව මෙන්ම ආරක්ෂක හා භෞතික පෙරසූදානම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.














