පවතින වැසි සහිත අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ “කුඩා ගඟ” අනු ද්‍රෝණිය සඳහා මීට පෙර නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන සිවිල් ජනතාව සහ එම ප්‍රදේශයේ මාර්ග සන්නිවේදනය සඳහා භාවිත කරන රියදුරන් ඉදිරි කාලය තුළදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන්, සැලකිල්ලෙන් සහ විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් විශේෂයෙන් අවධාරණය කර සිටියි.














