2026 වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘ස්වර්ණාභිවන්දනා 2026’ ධාතු වන්දනා පිංකම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (03) දින සහභාගී විය.
මෙම පිංකම කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය මගින් සංවිධානය කර තිබුණි. එය රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මාකොළ මංගල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වනු ලැබීය.
මෙම ප්‍රදර්ශනයේදී සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම සීවලී, අංගුලිමාල, අනුරුද්ධ සහ මිහිඳු යන මහ රහතන් වහන්සේලා ඇතුළු රහතන් වහන්සේලා රැසකගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව ජනතාවට උදා වී ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
මෙවැනි ආගමික වැඩසටහන් සමාජයේ ආධ්‍යාත්මික වර්ධනයට මෙන්ම රටට ආශිර්වාදයක් ලබා ගැනීමට මහත් සේ උපකාරී වන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. එමෙන්ම මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වූ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු කැපවී කටයුතු කළ සැමට ඇය ස්තුතිය පුද කර සිටියාය.














