සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු සලිඳු’ නමැත්තාගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අද (21) අළුයම අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත් විය. පයාගල, නිර්මලවත්ත සහ කුඹුරුගොඩ යන ප්‍රදේශවල සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා හසු කරගෙන තිබේ.
මෙහිදී ‘පෙත්තා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පැතුම් නමැති සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 42,350ක් සමඟත්, ‘කවියා’ යනුවෙන් හඳුන්වන කවිඳු නමැති සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 48,170ක් සමඟත් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල නිරතව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














