කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වී තිබේ. අද (23) උදෑසන 6.45ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වැල්ලව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වහාම ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ කාන්තාව සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
















