පාකිස්තානයේ ලාහෝර් නගරයට ආසන්න කාහ්නා ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලක් කඩා වැටීමෙන් වයස අවුරුදු 7ත් 11ත් අතර පසුවන දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවන් අධ්‍යයනයෙහි නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, වහලය අලුත්වැඩියා කිරීමේදී එහි පටවා තිබූ අධික බර අනතුරට හේතු වන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර, වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බලධාරීන් පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇති අගමැති ෂෙහ්බාස් ෂරීෆ්, තුවාල ලැබූවන් සඳහා උපරිම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට උපදෙස් දී තිබේ.
















