මෙරට ඉන්ධන වෙළෙඳාමේ නිරත ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී (Lanka IOC PLC), 2026 ජූනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුව සඳහා වන සිය අතුරු මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. එම වාර්තාවලට අනුව අදාළ කාර්තුව තුළ සමාගමේ ආදායම රුපියල් බිලියන 62.53 සිට රුපියල් බිලියන 92.10 දක්වා 47% ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.
කෙසේවෙතත්, ආදායම ඉහළ ගියද විකුණුම් පිරිවැය රුපියල් බිලියන 57.74 සිට රුපියල් බිලියන 88.31 දක්වා 53% කින් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් සමාගමේ දළ ලාභය 21% කින් පහත වැටී තිබේ. මෙලෙස විකුණුම් පිරිවැය සීමාව ඉක්මවා ඉහළ යාම හේතුවෙන් අදාළ කාර්තුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 1.52 ක් ලෙස සටහන් වන අතර, එය 2025 ජූනි කාර්තුවේ වාර්තා වූ රුපියල් බිලියන 2.32 ක බදු පසු ලාභය හා සැසඳීමේදී 34% ක සැලකිය යුතු පහළ යාමකි.
















