27 April 2024
#දේශීය

බූස්ටර් එන්නත මෙරට ජනයාට ලබාදීම ආරම්භ කිරීම රට ලැබූ ජයක් – සෞඛ්‍ය ඇමති

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම අද (01) ආරම්භ කිරීම අවස්ථාවට එක්වෙමිනි.

මෙහි පළමු පියවර යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙම එන්නත ලබා දෙන අතර එයට අමතරව ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් හා කොවිඩ් පාලන ක්‍රියාවලියේ ඉදිරිපෙළ පිරිස් සඳහා එන්නත්කරණය සිදු කෙරේ.

කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයකදී අද මෙම වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙරට සමස්ත ජනගහනයෙන් 70% මේ වනවිට එන්නත්කරණයට ලක් කර ඇතැයිද අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් සඳහා එන්නත් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විවිධ සංකූලතා සහිත දරුවනට මෙන්ම අවුරුදු 12,15,18,19 වයස්හි දරුවනට එන්නත ලබා ලබා දෙන අතරම ඉදිරියේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසිය.

පාසැල් මට්ටමේ සියලු දරුවනට හැකි ඉක්මනින් එන්නත්කරණය සිදුකර අවසන් කිරිමට බලාපොරොත්තු වන්නේ යැයිද විශේෂයෙන් මෙරට එන්නත්කරණය පිළිබඳව රටෙහි සමස්ත ජනතාවටම නිහතමානීව සතුටු විය හැකියැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *