27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩිකිරීමට නීති ගෙනවා -මන්ත්‍රී ඉරාන්

කාන්තා අයිතිය සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය සඳහා ඉදිරියේ දී සමගි ජන බලවේග රජයක් විසින් පළාත් සභාව සහ පාර්ලිමේන්තු මැතිවරණයට ද අපේක්ෂකයන් ලෙස 25% ක ඉදිරිපත් කළ යුතු යැයි නීති ප්‍රතිපාදන ගෙන එන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය ” පළාත් පාලන මැතිවරණ වලට 25% ක කාන්තා අපේක්ෂකයන් සිටිය යුතුයැයි ඒ සඳහා අදාළ නීති පැනවූයේ ද 2016 වසරේ දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් බව හෙතෙම සිහිපත් කළේය. අද අපගේ විශ්වවිද්‍යාලවලින් බිහි වෙන උපාධිධාරීන්ගෙන් 50 % ට වැඩි පිරිසක් කාන්තාවන් වේ. මේ අතර සිවිල් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ සහ තරගකාරි විභාග හරහා තනතුරු වලට බදවාගැනීමේ විභාග සමත් ව ඉහළ තනතුරු වලට පත් වන්නේ කාන්තාවන්ය. මේ රජයේ වැරදි තීරණ හේතුවෙන් විශේෂයෙන් කාන්තාවන්ට පීඩනය ඇති කරමින් ජීවන බර වැඩි කර ඇත. බඩුමිල වැඩිවීම මත වාර්ෂිකව ගණනය කරන උද්ධමන වේගය දැන් මාස්පතා ගණනය කිරීමට තරම් උද්ධමන වේගය මාසෙන් මාසෙට වැඩිවෙමින් පවතී. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසය ඇතුළත සාමාන්යයෙන් එළවළු මිල දෙගුණයක් වී ඇත. ගෑස් සහල් සීනි සඳහා ජනතාව දිගු පෝලිමේ ඉන්නට වී ඇති අතර අතේ මුදල් තිබුණ ද එම භාණ්ඩ මිලදී ගන්නට බැරි තරම් උග්ර හිඟයක් පවතින්නේ රට නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු කර ඇතැයි රජය 2020 වසරේ සිටම පුරාජේරු කතා කියන අතරතුර බව ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *