• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා සිහිනය යථාර්ථයක් කරමින් රත්නපුරේ මැණික් කුළුණට මුල් ගල් තැබේ

16 January 2021
in දේශීය

රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය අද පටන් යථාර්ථයක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශිත්‍ර කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහත්වරු ඇතුළු මැති අමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දෙමුමාවත දී සිදු විය.

ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

අපේ මාතෘ භූමිය අපි හදුන්වන්නෙ රත්න දීපය කියලා, ඒ තරම් වටිනාකමක් ලෝකය හමුවේ මැණික් කර්මාන්තයෙන් අපට ලැබෙනවා. මේ කර්මාන්තය අද ඊයේ ඇති වූවක් නෙමෙයි. ශත වර්ෂ ගණනාවක් අපේ මුතුන් මිත්තන් මේ පොළොවෙන් මතුවන මැණික්වල වටිනාකම් රටට දායාද කළා.

ලොව දියුණවත් සමඟ මේ කර්මාන්තයත් ඉදිරියට ගියා. ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි ලොව බොහෝ රටවල් තරගකාරීව මැණික් කර්මාන්තයට ප්‍රවිශ්ට වුණා. හැබැයි අපේ රටට ඇතැම් කාල වකවානුවල ඒ සඳහා අවධානයක් යොමු කළේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස මැණික් කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑවා. ඔවුන්ගේ පවුල්වල දරුවන්ටත් එහි බලපෑම් එල්ල වුණා.

රජයක් විධියට අප සෑම අවස්ථාවකම මැණික් කර්මාන්තකරුවා රැක ගැනීමට වෙහෙසිලා තියෙනවා. මැණික්වල වටිනාකම රටේ වටිනාකමට යා කරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රත්නපුරේ ඔබට මැණික් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. සබරගමුව වගේම තවත් පළාත් කිහිපයක සිදුවන මෙම මැණික් කර්මාන්තයට වෙනදාට වැඩි අවධානයක් අපි යොමු කරනවා.

සෞභාග්‍ය යේ දැක්ම යටතේ රත්නපුරට මැණික් කුලුනක් ඉදිවීම අද පටන් යථාර්ථයක් වන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. එය ඔබ දශක ගණනාවක් බලා සිටි සිහිනයක් සැබෑ වීමක්.

අද ඉදිවන මෙම අති නවීන මැණික් කුලුනේ ස්වර්ණාභරන අධිකාරියේ කාර්යාල සංකීර්ණයක්, වෙළඳ සංකීර්ණයක්, බැංකු පද්ධතියක්, අධි ආරක්ෂණ පද්ධතියක් මෙන්ම ඔබට අවශ්‍ය වාහන නැවැත්වීමේ අංගනයක් ද ඉදිවෙනවා.

අපේ මෙම උත්සාහය මල් ඵල දරන විට, ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට වෙහෙසෙන කර්මාන්ත ඇමතිතුමාටත්, මැණික් හා ස්වර්ණාභරණ ආශිත්‍ර කර්මාන්ත රාජ්‍ය ඇමතිතුමාටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් මාගේ සුභාශිංසනය පිරිණමනවා.

මැණික් කර්මාන්තයේ නිරත ඔබ සැමට සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා සුබ පැතුම් එක් කරමින් කියා සිටියේය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගෙන මුල්ගල් තබන ස්ථානයට කැදවාගෙන ගියේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඇතුළු එම අධිකාරියේ සේවක පිරිස මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව න ජෝන් සෙනවිරත්න, ගාමිණී වලේබොඩ, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීම පිළිබඳව සාකච්ඡාවක් ඇමැති ඩග්ලස්ගේ ප්‍රධානත්වයෙන්

Next Post

බස්නාහිර හැර සෙසු පළාත්වල උපකාර පන්ති ඇරඹිමට අවසර දෙයි -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

editor

editor

Next Post

බස්නාහිර හැර සෙසු පළාත්වල උපකාර පන්ති ඇරඹිමට අවසර දෙයි -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved