27 April 2024
#ක්‍රීඩා

ක්‍රීඩා කුසලතාවයන් දියුණු කිරීමට ක්‍රිඩාංගන තිබිය යුතුයි – රාජ්‍ය ඇමැති රෝහණ

අන්තර් ජාතික මට්ටමට අපේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් දියුණු කිරීමට මූලික අඩිතාලම සකස් වීමටනම් සුගතදාස ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන තිබිය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක් සදහා එක්වෙමිනි.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ දිසානායක මහතා සදහන් කලේය,” ලංකාවේ හැම ගමකින්ම එන අපේ දරුවන්ට ක්‍රීඩා කරන්න තිබෙන ජාතික මට්ටමේ එකම ක්‍රීඩාංගනය සුගතදාස ජාතික ක්‍රීඩාංගනය. අන්තර් ජාතික මට්ටමට අපේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් දියුණු කිරීමට මූලික අඩිතාලම සකස් වෙන්න මේ සුගතදාස ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගනයක් අපට තියෙන්න ඕන. මට දැනගන්න ලැබුණා මේ වන විට මෙම ක්‍රීඩාංගනයේ තුන්පිම්ම ධාවන පථයේ යම් යම් කැඩීම් බිදීම් සිදුව පවතින බව. අපි ඒක දැනගත් වහාම මෙම ස්ථානයට පැමිණිලා අදාල තත්වයන් නිරීක්ෂණය කරලා අපේ ග්‍රාමීය මට්ටමේ දුවා දරුවන්ට ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩා කුසලාතාවයන් ඔප්නංවා ගැනීමට අපට තිබෙන එකම ක්‍රීඩාංගනය වන මෙම ක්‍රීඩාංගනය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක පවතින සියලු අවශ්‍යතාවයන් සපිරෙන පරිදි නවීකරණය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා සමග එක්ව ගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කොට 2023 අයවැය ලේඛණයෙන් මේ සදහා ප්‍රතිපාදන වෙන්කරවා ගෙන හැකි ඉක්මනින් ක්‍රීඩාංගනයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රීඩාංගනය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම සදහා කොතරම් මුදලක් වැය වුණද අපේ රටේ මළල ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම ක්‍රීඩාංගනය කිසිදු අඩුපාඩුවකින් තොරව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක පහසුකම් සහිතව පැවතිය යුතු බව යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

මෙම අවස්ථාව සදහා සුගතදාස ක්‍රීඩාංගන අධිකාරියේ සභාපති රසිත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් පිරිසක් සමග රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් චාමර දන්තනාරායන මහතා සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *