• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාලනයේ මෙන්ම ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු – අනුර දිසානායක

27 February 2024
in දේශීය, පුවත්
මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම එය ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් – අනුර දිසානායක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලුම දරුවන්ට ආරක්‍ෂාව දෙන්න පොලීසිය, හමුදාව යෙදවිමට නොහැකි බවත් සමාජීය රැකවරණය අවශ්‍ය බවත් නව බලාපොරොත්තු සහිත සමාජයක් අපි නිර්මාණ කිරීමට සාතිශය බහුතරයක් ජනතාවගේ නැගිටීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 25 වනදා ගම්පහ පැවැති සමුළුවක් අමතමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ” මෙතනට රැස්වී සිටින කාන්තාවන් ආර්ථික කඩා වැටීමේ විශාලම පීඩාවට පත්වූ පිරිසයි. රටේ අපරාධ ඉවසමින් තමන්ගේ දරුවන්ව ආරක්‍ෂා කරගන්න උත්සාහ කළා. තමන්ගේ කණකර උගස් කර දරුවන්ට උගන්වා අවසානයේ තමන්ව දාලා රට යන්න උත්සාහ කරනකොට කඳුළු සලමින් ඉවසුවා. දැන් ඉවසුවා ඇති. මේ නැගී සිටින්නේ කාන්තාවන් ගේ හුදු ඔළුගෙඩි ටිකක් නොවෙයි. ඉවසීමේ කෙළවරදී වෙනස් කරන්න ඕනෑ කියන අධිෂ්ඨානයෙන් දහස් සංඛ්‍යාත කාන්තාවන් නැගී සිටිනවා. මේ සහභාගි වී සිටින්නේ වේදනාවෙන් උපන් හැඟීමක්, අධිෂ්ඨානයක්, අරමුණක් සහ හීනයක් සංකලනයකින් යුතු කාන්තාවන්. ඔබගේ මේ නැගිටීම සහතික වශයෙන් අපේ රටට ජයග්‍රහණ ගෙන දෙන බව ස්ථිරයි. මාතරින් පටන් ගත් කාන්තාවන්ගේ එකතුව නැවත නැවතත් තහවුරු කර තිබෙන්නේ සහතික වශයෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. අපි ගොඩනගන්න ඕනෑ හෙල්ලෙන දත වගේ පාලනයක් නොවෙයි, ජනතාවගේ බැඳීමක් සහිත ශක්තිමත් පාලනයක්. මේ මාස 07 තුළ උපරිම කැපවී උපරිම ලෙස ක්‍රියා කිරීමෙන් ශක්තිමත් ජයග්‍රහණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මෙතනට රැස්වී සිටින්නේ අත්තනගල්ල නායිකාවගේ සිට තවත් බොහෝ අයට සවන් දුන් විශාල පිරිසක්. අපට පළමුව සවන් දෙන ඒ විශාල පිරිස ඡන්දය ලබා දුන් නායක නායිකාවන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔවුන්ගේ තිබූ සුභ ප්‍රාර්ථනා ඔවුන්ගේම ඇස් ඉදිරිපිට බිඳ දැමුවා. මෑත කාලයේ වැඩිම සුභ ප්‍රාර්ථනාවන් සහිතව ගොඩනැගුවේ ගෝඨාභය රාජපක්‍ෂගේ පාලනයයි. ගෝඨාභය රාජපක්‍ෂ එක්ක මහින්ද රාජපක්‍ෂටවත් සෙල්ලම් කළ නොහැකි බවට විශ්වාස කළා. ඒ විශ්වාසය බිඳවැට්ටූ ක්ෂණිකව ජනතාව නැගී සිට ඔහුව පළවා හැරියා. දැන් ඉන්නේ පැරණි ජනතාව නොවන බව පාලකයන් තේරුම් ගන්න ඕනෑ. නුදුරේදී ඔවුන්ගේ සියලු කණ්ඩායම් එක වේදිකාවට එකතු වෙනවා. 94 ජනාධිපති වුණු චන්ද්‍රිකා, 2005 ජනාධිපති වුණු මහින්ද රාජපක්‍ෂ, 2015 ජනාධිපති වුණු මෛත්‍රීපාල සිරිසේන, 2019 ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්‍ෂ සහ 2022 ජනාධිපති වුණු රනිල් වික්‍රමසිංහ එක වේදිකාවකට නුදුරේදීම එනවා. ඉදිරි මැතිවරණයේදී ඔවුන්ගේ වේදිකාව ලංකාවේ විචිත්‍රවත්ම වේදිකාවක් වේවි. හොඳ පැත්තට නොවෙයි. අවුරුදු දවස්වල විකට ඇඳුම් තරගය වගේ ඔවුන් එන්නේ ගොඩනැගෙමින් තිබෙන ජනතා ජයග්‍රහණයට එරෙහිවයි. සජිත් සහ රනිල් අතරේ පුද්ගලික ප්‍රතිවිරෝධය නොවෙන්න ඒ දෙන්නත් එකම වේදිකාවට එනවා. නමුත් අපි එකක් දන්නවා. ඔවුන් දූෂිත ප්‍රභූ තන්ත්‍රයයි. ඔවුන්ට තිබුණේ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය ආරක්‍ෂා කර ගන්න එක මිටට එකතු වීමයි. ජනතාවගේ මතය වෙනස් කිරීම සඳහා මාධ්‍ය බලය ඇතුළු විවිධ මෙවලම් ඔවුන්ට තිබෙනවා. ජාතික ජන බලවේගය සතුව තිබෙන්නේ මහජනයාගේ නැගී සිටීම පමණයි. ස්වාධීන මධ්‍යස්ථ නිරීක්‍ෂකයෝ වැනි කිසිවෙකුට පවතින්න බැහැ. එක්කෝ දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ ආරක්‍ෂකයෝ නැත්නම් මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියා කරන අය.

වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනයක්, නීතිය සැමට ක්‍රියාත්මක වන දේශපාලනයක්, ජාතික සම්පත් විකිණීමට එරෙහි දේශපාලනයක් සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාවය වුණා. මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගලයට පහර දෙන විට වරායේ, ජාතික රෝහලේ, සහ වෙනත් තැන්වල ජනතාව එක එල්ලේ දුවගෙන ගෝල්ෆේස්වලට ගියා. තමන්ගේ දරුවන්ට අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගැසුණා. ඒ නිසා පොදු ජනයාගේ වුවමනාවත්, දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ වුවමනාවත් පැහැදිලි බෙදුම් රේඛාවකින් වෙන් වෙන මොහොතක මධ්‍යස්ථ යනුවෙන් කිසිවෙකුටත් හිටින්න බැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වීමෙන් පෙන්වන්නේ ඒ බවයි. අවුරුදු 76ක් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කණාමැදිරි එළියටත් බයෙන් ඉන්නේ. බැසිල් රාජපක්‍ෂ ඇමතිකමින් ඉවත් වූ වහාම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ ඔවුන්ට එරෙහි නඩු ටික ඉවත් කරගත් බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූ වහාම ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවත්වාගෙන යා නොහැකි නිසා ඉවත් කර ගත්තා. මේ වගේ ඇති තරම් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාවක් ඉන්නවා. ඒ නිසා අපෙන් අහනවා, අපව විශ්වාස කරන්නේ කෙසේද කියලා. අපි එක සහතිකයක් ඔබට දෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබ මල් රොණක තරමින්වත් හානි වෙන්න ඉඩ නොදෙන බවට අපි සහතික වෙනවා. ඉතිහාසයේ ඔවුන්ගේ වුවමනාවත් ජනතාවගේ වුවමනාවත් දෙකක් වුණා. ලංකාවේ පළමු වරට අපි එකතු වෙලා පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු.

ආර්ථිකයේ බිඳවැටීම රටටත් ජනතාවටත් බලපානවා. ආණ්ඩුවට වියදම් කරන්න භාණ්ඩාගාරයේ සල්ලි නැතිවීම රටට බලපානවා. මේ වසරේ ඇස්තමේන්තු කළ ආණ්ඩුවේ ආදායම රු. බිලියන 4164යි. මේ සැරේ ණය වාරික ගෙවීම පොලී වාරික ගෙවීම සහ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 11,277ක් වැය වෙනවා. ආර්ථිකයක් කඩා වැටුණහම දේශීය වගේම රටට ආනයනය කළ යුතු භාණ්ඩ වෙනුවෙන් ඩොලර් නැති වෙනවා. මේ වන විට පාසැල් උපකරණ ඇතුළු අධ්‍යාපනයටත් වැට් බදු ගහනවා. ඒ වගේම ඖෂධ නිෂ්පාදනයට ගන්න අමුද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණවලටත් බදු ගැහුවා. විශාල බදු ජාලයක ජනතාව හිර කර විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල මිල විශාල ලෙස වැඩිකර තිබෙනවා. ලක්‍ෂ 10කගේ විදුලිය විසන්ධි කරලා. ආර්ථිකය කඩා වැටුණහම රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. අපි ගොඩනගන ආර්ථීකය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අඩුවෙන, නිෂ්පාදන වැඩිවෙන, දරුවන්ට රැකියා උත්පාදනය වන නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. විදුලිය සඳහා යන වියදම අවුරුදු දෙකකින් පමණ 1/3කින් අඩුකළ හැකියි. ඒ වගේම නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකිරීමෙන් රු. කෝටි 30,000ක් රජයට අහිමි වෙනවා. අනික් පැත්තෙන් ඔවුන්ගේ සමීපතමයන්ට බදු දැලෙන් රිංගා යන්න, බැංකුවලට පොලු තියන්න ඉඩ දී තිබෙනවා. එය නැවැත්වීමේ මහජනයා හට පටවා තිබෙන බර විශාල වශයෙන් අඩුකළ හැකියි.

අලුත් පරම්පරාව පැය අටේ රැකියා කරනවා වෙනුවට නිදහසේ රැකියා කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ වෙනුවෙන් අපේ ආර්ථික සැලසුම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක පැලැන්තියක් බිහි කරනවා. අප්‍රිකානු කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන වෙළඳපොළට දැන් සිටම සැලසුම් සකස් කරන්න ඕනෑ. ජාත්‍යන්තර වශයෙන් නව වෙළඳපොළක් නිර්මාණය කර නොගෙන, ඒ වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකර ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගයෙන් ඒ සඳහා ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ වගේම අපරාධකරුවන් ආරක්‍ෂා වන තත්වය අවසන් කර නීතියේ විධානය ආධිපත්‍යය තහවුරු කරනවා. හොරෙක් හදපු රටක් ලෝකයේ කොහේවත් නැහැ. මහජනයාගෙන් සොරා ගත් ධනය නැවත අත්පත් කරගන්නා පාලනයක් ගොඩනගනවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ රේඛීය මාවතක ගමන් කරන අධ්‍යාපනයක්. පළවැනි වසරට ඇතුළත් වන සියලු දරුවන් දොස්තර මහත්වරුන් කිරීමේ රේඛීය මාර්ගයක් ගෙනයනවා වෙනුවට දරුවන්ගේ පැතිරුණු කුසලතා වර්ධනය කර ගැනීමේ පැතිරුණු මාවතක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. සමාජයක් පවතින්න සමාජ ගරුත්වයක් සහිත වෘත්තීයමය නිපුණතාවයකින් යුතු විවිධ වෘත්තීන් පැවතිය යුතුයි. අපේ අධ්‍යාපනය එවැනි නවීකරණය වූ තත්වයක් සමග ගලපනවා. ජපානයේ ආර්ථික වර්ධනය වුණත් පුරවැසියන් ඇණ මුරිච්චි බවට පත්වී තිබෙනවා. එවැනි තත්වයක් අපට ඵලදායක නැහැ. සහකම්පනයකින් යුතු සමාජයක් ගොඩනැගීම අවශ්‍යයි; කලාව, සාහිත්‍යය රස විඳින, නව ආකල්පමය පරිවර්තනයක් සිදු කරන පාලනයක් ගොඩනැගීම අවශ්‍යයි.

සියලුම දරුවන්ට ආරක්‍ෂාව දෙන්න පොලීසිය, හමුදාව යොදවන්න බැහැ. සමාජීය රැකවරණය අවශ්‍යයි. නව බලාපොරොත්තු සහිත සමාජයක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් සාතිශය බහුතරයක් ජනතාවගේ නැගිටීමක් අවශ්‍යයි. 1948 සුද්දගෙන් අපි නිදහස් වූ අවස්ථාවේ ජනතාව තුළ මහා ආශ්වාදයක් ඇති වෙන්න ඇති. අවුරුදු 450ක් විවිධ බටහිර ජාතීන්ට යටත් වී සිට අවුරුදු 133ක් සුද්දාට මුළුමනින්ම යටත් වීමෙන් නිදහස් වීමත් කෙතරම් ජාතික පිබිදීමක් වෙන්න ඕනෑද? මෙවර නිදහස සැමරුවේ චක්‍රලේඛවලින් රජයේ ආයතනවල ජාතික කොඩිය ඔසවලයි. නමුත් අපි හා සමානවම නිදහස ලැබූ ඉන්දියාව භාෂා බෙදීම්, ප්‍රාදේශීය බෙදීම්, ආගමික බෙදීම් සියල්ල පැත්තක දමා එක කොඩියක් යට ඒකරාශී වුණා. අවසානයේ අබ්දුල් කලාම් ජනාධිපති වුණා. මන්මෝහන් සිං අගමැති වුණා. කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් කෙතරම් දියුණු දැක්මක් තියෙන්න ඕනෑද? ඒත් අපේ රටේ 1949දී කඳුකර ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කළා. එයට විරෝධය පාමින් යාපනයේ චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇතිකළා. 1956 භාෂා ප්‍රශ්නයක්, 1958 දෙමළ සිංහල කෝලාහලයක්. 1965 වෙනකොට ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාලි ගියා. 1976 වෙනකොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් පැන නැංගා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983දී හෙට්ටිවීදිය ගිනි තිබ්බා. අවසානයේ 2009 යුද්ධය අවසන් කළත් 2015දී වඳ කොත්තු, 2017දී වඳ ඇඳුම් ඇවිත් 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කළා. අපිට අපේ රටේ ජාතිය ඒකාග්‍රතාවයකට ගෙන එන සැලසුම් තිබුණේ නැහැ.

ලෝකය පිමි පනිමින් ඉස්සරහට යන අතර පාලකයන් අතීතකාමිත්වයේ අපිව හිර කළා. ලෝකය වෙනස් වෙමින් තිබෙන නූතනත්වය උකහා ගන්න අපිට බැරි වුණා. ලෝකයේ වේගයෙන් යන දුම්රිය නිර්මාණය කරනකොට රෑ 10යෙන් පස්සේ ගමට යන්න බස් එකක් අපට නැහැ. සුද්දට නොදෙවෙනි රටක් අපට හදන්න දැක්මක් තිබුණේ නැහැ. දැන් 76 වසරක දූෂිත දේශපාලනය පරාජය කර ඒ වියගසින් මිදී රටේ ජනතාවගේ නව ජාතික හැඟීමකින් ඉදිරියට එමින් සිටිනවා. අවුරුදු 76ක දූෂිත පාලනයෙන් නිදහස් වීම සුද්දාගෙන් අපේ රට නිදහස ලබා ගත්තාට වඩා හැඟීමක් අපට දැනේවි. අපේ ජීවිත කාලයේ තබන විශාලතම සතුට මේ ජාතික පිබිදීම, නැගිටීම තුළින් අපේ රටට නව මාවතක් විවෘත කිරීමෙන් ලබාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම නැගිටිමු, අපි හැම දෙනාම ඒ වෙනුවෙන් පොර බදමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු කියා ආරාධනා කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,424
Previous Post

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවයි

Next Post

ජනපති රනිල් ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් යළි ජනාධිපතිධූරයට පත් වෙනවා – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති රනිල් ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් යළි ජනාධිපතිධූරයට පත් වෙනවා – මන්ත්‍රී වජිර

ජනපති රනිල් ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් යළි ජනාධිපතිධූරයට පත් වෙනවා - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved