බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල විදුලි පරිභෝජන වියදම් අවම කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ 20ක් වටිනා විදුලි බල්බ තොගයක් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (13) ඌව පළාත් සභාවේදී පැවැත්විණි. ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමකට අනුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම බල්බ තොගය ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රුපියල් 500ක වෙළඳපොළ වටිනාකමකින් යුත් විදුලි බල්බ 4,000ක් බෙදා දීමට නියමිතය. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දාහතරක් ආවරණය වන පරිදි මෙම බෙදාහැරීම් සිදු කෙරෙන අතර, එමඟින් ජනතාවගේ මාසික විදුලි බිල අඩු කර ගැනීමටත්, බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙය තිරසාර බලශක්ති භාවිතය ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කිරීම සඳහා ගත් සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.














