මෙටා (Meta) සමාගම විසින් WhatsApp පරිශීලකයන් සඳහා Meta AI තාක්ෂණය සමඟ අන්තර් ක්‍රියා කළ හැකි “Incognito Chat” නමැති නව විශේෂාංගය හඳුන්වා දී තිබේ. කෘතිම බුද්ධිය (AI) සමඟ සිදු කරන සංවාද සම්පූර්ණයෙන්ම පුද්ගලික සහ රහස්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකි වන පරිදි මෙම පහසුකම නිර්මාණය කර ඇති බව එම සමාගම පවසයි.
මෙම නව විශේෂාංගය WhatsApp හි පවතින “පුද්ගලික සැකසුම්” (Private Settings) තාක්ෂණය පදනම් කර ගනිමින් නිපදවා ඇති අතර, එමඟින් අදාළ සංවාද මෙටා සමාගමට පවා දැකගත නොහැකි වන බවට සහතික කර ඇත. ඒ අනුව සෑම පරිශීලකයෙකුටම වඩාත් ආරක්ෂිත සහ විශ්වාසදායක අයුරින් කෘතිම බුද්ධි සහායකයා සමඟ සම්බන්ධ වීමට මෙහිදී අවස්ථාව උදා වේ.














