ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) මඟින් පවත්වාගෙන යනු ලබන Facebook, YouTube, TikTok සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා වෙත ලක්ෂ 630කට වැඩි (මිලියන 63ක) බහු-වේදිකා ප්‍රවේශයක් (Reach) ලැබී ඇති බව වාර්තා වේ. රාජ්‍ය ආයතනයක් ලෙස ඩිජිල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් මහජනතාව අතරට තොරතුරු ගෙන යාම අතින් මෙය කැපී පෙනෙන සංධිස්ථානයකි.
විදේශ රැකියා අපේක්ෂකයින්, විගමනික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ආරක්‍ෂිත විදේශ රැකියා, මානව ජාවාරම් වැළැක්වීම, වන්දි සහ රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු කෙටි වීඩියෝ (Reels) සහ දෘශ්‍ය අන්තර්ගත (Infographics) මඟින් කඩිනමින් ලබාදීමට කාර්යාංශය කටයුතු කර ඇත. 2026 වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මිලියන 33කට අධික ජනතාවක් වෙත මෙමඟින් තොරතුරු ළඟා කරදීමට සමත්ව තිබේ.
















