27 April 2024
#දේශීය

ලබන වසරේ මාර්තු 20ට පෙළ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි-මැතිවරණ කොමිසමේ සභාපති

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 20ට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජි.පුංචිහේවා මහතා පවසයි.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (21) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය පැරණි ශ්‍රවණාගාරයේදි පැවති යෝජිත පාර්ලිමෙන්තු තේරිම්කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගිම සදහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරිමේ සංවාද මාලාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ පසුගිය සැප්තැම්බර් මස 20ට පසු ඡන්දය පැවැත්විමේ බලය කොමිෂන් සභාවට හිමිව ඇති බවය.කල්නොයවා මැතිවරණය පැවැත්විම කොමිෂමේ අභිප්‍රාය බවත් ඒ සදහා සියලු කටයුතු සම්පදානය කරන බවත්ය.මැතිවරණ ප්‍රතිසංස්කරණ කිරිමේදි පාර්ලිමෙන්තු තේරිම් කාරක සභාව සදහා යෝජනා නිර්දේශ විශාල ප්‍රමාණයක් යොමු කර ඇති බවත් ඒ අතර වියදම් පාලනය ආදි කරුණු අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බවද හෙතෙම පැවසිය.

පාර්ලිමෙන්තුව විසිරිමේ බලය අවුරුදු 2 ½ කින් ජනාධිපතිවරයාට හිමිවන බවත් එය විධායකයෙ ්කාර්යක් බවත් එසේ නොවන්නේනම් පාර්ලිමෙන්තුවේ බහුතර මන්ත්‍රි යෝජනාවෙන් පාර්ලිමෙන්තුව විසිරිමේ බලය ලබා ගත හැකි බවද හෙතෙම පැවසිය.

පළාත් සභා අකර්මණ්‍ය ඇති බවට පැවසුවත් සභාවන් ක්‍රියාත්මක බවත් සභෘවන් වල මහජන නියෝජිතයින් නොමැතිව නිලධාරින්ගෙනන් සමන්විතව ක්‍රියාත්මක බවත් එයට කොමිෂමක් ලෙස කිසිසෙත් එකග නොවන බවද හෙතෙම පැවසිය.
මෙම අවස්ථාවට කොමිෂමේ සමාජික කේ.පි.පි පතිරණ,මැතවරණ කොමසාරිස් ජනාරල් සමන් ශ්‍රි රත්නායක,කොමිෂමේ අධ්‍යක්ෂ(සැලසුම් හා පර්යේෂණ) චන්න පි සිල්වා,ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *