ඇමෙරිකාවේ ලුසියානා ජනපදයේ ශ්‍රේව්පෝට් (Shreveport) නගරයේ සිදුවූ අතිශය කණගාටුදායක වෙඩි තැබීමකින් අවුරුදු 1ත් 14ත් අතර වයස්වල පසුවන කුඩා දරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ ෂමාර් එල්කින්ස් නමැත්තෙකු වන අතර මියගිය දරුවන් අට දෙනාගෙන් හත් දෙනෙකුගේම පියා ඔහු බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් තවත් වැඩිහිටියන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබේ. වෙඩි තැබීමෙන් පසු සැකකරු මෝටර් රථයක් පැහැරගෙන පලා යාමට උත්සාහ කර ඇති අතර පොලිසිය ඔහු ලුහුබැඳ ගොස් කළ වෙඩි තැබීමෙන් සැකකරු ද ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සමූහ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇමෙරිකානු ආරක්ෂක අංශ මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














