දූෂණ චෝදනා හේතුවෙන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා වෙනුවට එම අමාත්‍යාංශය සඳහා ඉදිරි මාස හයක කාලය තුළ අලුතින් අමාත්‍යවරයෙකු පත් නොකිරීමට රජය තීරණය කර තිබේ.
ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ නිමවන තෙක් බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු යටතේ තාවකාලිකව මෙහෙයවනු ඇත. ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන කුමාර ජයකොඩි මහතා මෙම පරීක්ෂණවලින් නිර්දෝෂී වුවහොත් ඔහුට යළිත් එම ධුරය ලබාදීම රජයේ අපේක්ෂාව වී තිබේ.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කළ සමයේ රජයට රුපියල් මිලියන 8ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සහ විපක්ෂයේ විවේචන හමුවේ, ස්වාධීන පරීක්ෂණයකට ඉඩ ලබාදීම සඳහා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.














