2026 අගෝස්තු 01 වන දින රාත්‍රී මඩු පොලිස් වසමේ මඩු හන්දියේ සිට මඩු දේවස්ථානය දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර් 11 කණුව ආසන්නයේදී, මඩු දේවස්ථානය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදවුම්කරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වූ සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














