මහරගම සහ පිළියන්දල පොලිස් වසම්වලදී කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑම් 08කට සම්බන්ධ 46 හැවිරිදි සැකකරුවෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ. මහරගම ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී කොල්ලකන ලද රන්මාල උණු කර සාදාගත් රන් කැබලි 08ක්, අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් සහ ව්‍යාජ යතුරුපැදි අංක තහඩුවක් පොලිස් භාරයට ගෙන ඇත. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














