ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු සූදානමක් නොමැති බව පෙන්වා දෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ අදාළ පාර්ශ්ව, කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටී.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ වර්තමාන ආණ්ඩුවද පෙර පැවැති ආණ්ඩු මෙන් බලය රඳවා ගැනීම සඳහා මැතිවරණය කල් දමමින් සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසන්නේ පළාත් සභා මැතිවරණය මේ වන විට “බාලගිරි දෝෂයට” හසුවී ඇති බවයි.
එමෙන්ම, මහජන නියෝජිතයන් නොමැතිව ආණ්ඩුකාරවරුන් යටතේ පළාත් සභා පාලනය කිරීම ජනතා අයිතිවාසිකම් කඩවීමක් සහ අපරාධයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
















