ජනාධිපතිවරයාගේ පාලන විලාසය සහ ආගමික සංහිඳියා සංවාදයන් සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් එල්ල කරමින් දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ මහතා ප්‍රකාශ කරන්නේ, කතෝලික, හින්දු සහ ඉස්ලාම් පූජකවරුන් හමුවෙමින් සංහිඳියාව ගැන කතා කළද, මෙරට බහුතර ආගම වන බුද්ධාගමේ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මුළුමනින්ම නොසලකා හැරීමට කටයුතු කරමින් සිටින බවයි.
අන්‍යාගමික පාර්ශ්වයන් සමඟ සිංහල බෞද්ධයින්ට කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බුද්ධාගමට සහ එහි නිල නියෝජිතයින් වන මහා සංඝරත්නයට වත්මන් පාලනය යටතේ ලැබී ඇති පහත් සැලකිල්ල පිළිබඳව දැඩි කණගාටුව පළ කරයි.
එමෙන්ම ජනාධිපතිවරයා උතුරු පළාතේදී සහ මෑතකදී පැවැති අන්‍යාගමික උත්සවයකදී කළ ප්‍රකාශයන් මඟින් “රට තුළ ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ සිංහල බෞද්ධයින් පමණි” යන වැරදි පණිවුඩය වක්‍රව සමාජගත කිරීමට උත්සාහ කරන බවටද මහින්ද පතිරණ මහතා චෝදනා කරයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් රට පාලනය කළ යුගයේ පවා බෞද්ධාගමට මෙවැනි වෙනස්කම් සිදු නොවූ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.














