ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සාමාජිකයන් හත්දෙනෙකු සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.
මූල්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, වොෂින්ටන් ඩී.සී. නුවර සිටින මෙම දූත පිරිස උතුරු කැරොලිනා සහ ඔක්ලහෝමා ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත බවයි. මෙම සංචාරයේදී ඔවුන් ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ සාමාජිකයන් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිත අතර, මහජන අරමුදල් භාවිතය සහ මූල්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණය සම්බන්ධයෙන් කොංග්රස් අයවැය කාර්යාලය සමඟද සාකච්ඡා පවත්වා තිබේ.














