වත්මන් ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවත්, එදාවේලා පිරිමසා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. රට පවතින ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට තමන් සතු වැඩපිළිවෙළ සහ හැකියාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී, රට යළි ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය තමන් සතු බව ඔහු අවධාරණය කළේය. රටේ පවතින දුෂ්කර තත්ත්වය විසඳීම සඳහා තමන්ට බලය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නවා. මම හිතන්නේ නැහැ ජනතාවට එදාවේලා කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. අපිට ශක්තියක් තියෙනවා. අපිට බලය දෙන්න, අපි කරලා පෙන්නන්නම්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















