පෞරාණික වශයෙන් වැදගත් මෙන්ම ආධ්‍යාත්මික හා සංස්කෘතික වශයෙන් වැදගත්කමක් උසුලන ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල පුද බිම වෙත ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ආශීර්වාද ලබා ගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු හිතවතුන් පිරිසක් එක්ව සිටියහ.
















