ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල හිටපු ශ්‍රී ලංකා තානාපති Mahinda Samarasinghe (මහින්ද සමරසිංහ) මහතා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ (විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ) නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ උපකාරී මෙන්ම කාර්යක්ෂම සේවය අගය කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් සමරසිංහ මහතා සඳහන් කර ඇත්තේ, සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා තමන් අද (03) දින විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය වෙත ගිය බවත්, එහිදී තමන් වෙත සහයෝගය දැක්වූ සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකරන බවත්ය. “එහි සිටි සෑම දෙනාම ඉතාමත් උපකාරී වූ අතර කාර්යක්ෂමව කටයුතු කළා. ඔබ සැමට බොහොම ස්තූතියි,” යනුවෙන් හිටපු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














