අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගන රාජ මහා විහාරාධිපති, ශාස්ත්‍රපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මූලිකත්වයෙන් මහියංගන සහ රිදීමාලියද්ද ශාසනාරක්ෂක බල මණ්ඩලවල විහාරස්ථාන මෙන්ම මහියංගන රෝහල වෙත ද රෝද පුටු පරිත්‍යාග කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වා තිබේ.
මෙහිදී මහියංගන රෝහල සඳහා අවශ්‍යව තිබූ රෝද පුටු 08ක් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු විය. ඊට අමතරව ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩ වසන ආබාධිත හෝ ගිලන් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ද උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් විසින් මෙහිදී රෝද පුටු පරිත්‍යාග කරනු ලැබූහ.
මෙම අවස්ථාවට ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත නාපටවල ධම්මානන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය ද සහභාගි වී සිටියහ.














