බෝ නොවන රෝග පාලනය හා වැළැක්වීමේ සත්කාර සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන සඳහා මුල්ගල් තැබීම අද (01) දින මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් සූරියපාළුව ග්‍රාමයේදී සිදු කෙරිණි.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවති මෙම අවස්ථාව සඳහා මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන මහින්ද කරන්දෙනිය, දියමන්ත ඇලබඩ ආරච්චි, චමිලා සජීවනී සහ කෝසල යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයන්ද, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි මල්වැන්න සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙලංක විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.














