ඇමෙරිකානු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් රැසක් මේ වන විට සිය සේවක කප්පාදුව සීඝ්‍රයෙන් ඉහළ නංවා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. Oracle සමාගම සිය දහස් ගණනක සේවකයන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, ඩිජිටල් ගෙවීම් සේවා සපයන Block සමාගම සිය සේවක මණ්ඩලයෙන් අඩක් පමණ, එනම් රැකියා 4,000කට අධික ප්‍රමාණයක් කප්පාදු කර තිබේ. මීට අමතරව Amazon සහ Meta වැනි දැවැන්ත සමාගම් ද සිය ශ්‍රම බලකාය අඩු කිරීමට පියවර ගෙන ඇත.
ලොව තාක්ෂණික අගනගරය ලෙස සැලකෙන සැන් ෆ්‍රැන්සිස්කෝහි සමස්ත රැකියා නියුක්තිය 2023 වසරේ සිට මේ දක්වා 3%කින් පහත වැටී තිබීම විශේෂත්වයකි. බොහෝ දෙනා මෙම රැකියා අහිමි වීමට හේතුව කෘත්‍රිම බුද්ධිය (AI) ලෙස සැක කළද, ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය හුදෙක් තාක්ෂණික දියුණුව නිසාම සිදුවන්නක් නොවන බවයි.
සමාගම් ප්‍රධානීන් පවසන පරිදි මෙය ක්ෂේත්‍රයේ පසුබෑමක් නොව, AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ සිදුවන ව්‍යුහමය වෙනස්වීමකි. බොහෝ සමාගම් දැන් සිය සම්පත් සාම්ප්‍රදායික සේවකයන්ගෙන් ඉවත් කර AI සහ උසස් තාක්ෂණික පර්යේෂණ වෙත යොමු කරමින් සිටී.
2022 සිට 2025 දක්වා කාලය තුළ ලොව විශාලතම තාක්ෂණික සමාගම් හත (Magnificent Seven) සිය සේවක පිරිස වැඩි කිරීමට එතරම් උනන්දුවක් දක්වා නොමැති අතර, ඒ වෙනුවට පවතින සේවක මණ්ඩලය කාර්යක්ෂම කිරීමටත්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමටත් ප්‍රමුඛත්වය ලබා දී තිබේ.
කෙසේ වෙතත්, AI වර්ධනය වීමත් සමඟ අනාගතයේදී තවදුරටත් රැකියා වෙළඳපොළ වෙනස් විය හැකි වුවද, වත්මන් රැකියා කප්පාදුව මූලික වශයෙන් සමාගම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ උපාය මාර්ගවල ප්‍රතිඵලයක් බව විචාරකයෝ පෙන්වා දෙති.














