ඇමරිකාව විසින් ඉශ්‍රායලයට බෝම්බ ඇතුළු අවි ආයුධ අලෙවි කිරීම වහාම නතර කරන ලෙස බලකරමින් නිව්යෝර්ක් නුවර පැවැති දැවැන්ත විරෝධතාවයකදී විරෝධතාකරුවන් 100කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මැන්හැටන්හි පිහිටි සෙනෙට් සභික චක් ෂූමර් (Chuck Schumer) සහ කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (Kirsten Gillibrand) යන මහත්ම මහත්මීන්ගේ කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ‘යුද්ධයට එරෙහි යුදෙව් හඬ’ (Jewish Voice for Peace) නම් සංවිධානය විසිනි.
+1
විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ඉශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සහ ඉරානය සමඟ පවතින ගැටුම් සඳහා ඇමරිකානු අවි ආයුධ සැපයීම සෙනෙට් සභාව විසින් වහාම අත්හිටුවිය යුතු බවයි. විරෝධතාවයට එක්වූවන් “බෝම්බ සඳහා නොව ජනතාව සඳහා මුදල් යොදවනු” යනුවෙන් සඳහන් ටී-ෂර්ට් පැළඳ සිටි අතර, මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් පොලිසිය මැදිහත් වී පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක වන චෙල්සි මැනිං (Chelsea Manning) සහ නිළි හාරි නෙෆ් (Hari Nef) යන අයද සිටින බව වාර්තා වේ.
+2
මෙම විරෝධතාවය එල්ල වූයේ ඉශ්‍රායලයට ඩොලර් මිලියන 600කට අධික අවි ආයුධ අලෙවි කිරීම වැළැක්වීම සඳහා සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් පිළිබඳව සෙනෙට් සභාවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබියදීය. ඉරානය සහ ඉශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමරිකාව සෘජුව මැදිහත් වීම කෙරෙහි ඇමරිකානු ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බව මෙහිදී විරෝධතාකරුවන් අවධාරණය කළහ.














