නීතිවිරෝධී ලෙස අමතර කොටස් ආනයනය කර එකලස් කරන ලද ජීප් රථයක් සමඟ පුද්ගලයෙකු කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (29) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජීප් රථය වලංගු ආදායම් බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් හෝ දුම් සහතිකයක් නොමැතිව ධාවනය කරමින් තිබියදී සොයාගෙන තිබේ. සැකකරු 39 හැවිරිදි වියේ පසුවන විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
















