27 April 2024
#දේශීය

අලු ගිරවෙකු සමග අයෙකු අත්අඩංගුවට

දැඩි ආරක්ෂිත පක්ෂියකු ලෙස සැලකෙන අළු ගිරවෙකු සුක්ෂම ලෙස තබා ගත් අයෙකු මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේදි ඊයේ (01) අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන අඩවි වනජිවි කාර්යාලය පවසයි.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂත පනතේ දෙවැනි උපලේඛනයට අයත් දැඩි ආරක්ෂිත පක්ෂියකු ලෙස සැලකෙන මෙම ගිරවා සගවා සිටින බවට වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ රජ්ජම්මන අඩවි වන ආරක්ෂක පි.ඩි.එන් විජේකොන් ,වනජිවි නියාමක ප්‍රදිප් ජයවික්‍රම වනජිවි සහකාර චාන්දනි දිසානායක.රියදුරු චන්ද්‍රරත්න යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *