27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය සිය 70 සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය (02) අදට යෙදී තිබෙනවා.

1957 සැප්තැම්බර් 2 වැනිදා එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කල පක්ෂය ලංකාව පාලනය කළ පක්ෂ අතරින් වැඩිම කාලයක් පාලනය කළ පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර පක්ෂ සංවත්සරය මහජන සහභාගීත්යෙන් තොරව චාම් අන්දමින් සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

මෙවර සංවත්සරය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය ඉතිහාසයේ ප්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු සියලු පිරිස් එක්ව මෙවර සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *