දඹුල්ල, විහාරහන්දිය ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පුද්ගලයා සහ යාබද නිවසේ පදිංචිකරුවෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා 52 හැවිරිදි විහාරහන්දිය, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් 67 හැවිරිදි සැකකරුවෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















