මස්කෙළිය, ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ ග්ලැන්ටිල්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.අදාළ පුද්ගලයා සිය නිවස ආසන්නයේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පස් ඉවත් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මස්කෙළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















