මනම්පිටිය, මහවැව ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගසකට යටවීමෙන් පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මහවැව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30ක් වූ පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමඟ එක්ව ගසක් කපා ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















