• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තුර්කි විපක්ෂයේ අර්බුදය උද්‍රිගත වෙයි

ප්‍රධාන විපක්ෂය වන CHP හි නායකයින් දෙදෙනකු එකිනෙකට වෙනස් රැස්වීම් පවත්වයි

9 June 2026
in පුවත්, විදෙස්
තුර්කි විපක්ෂයේ අර්බුදය උද්‍රිගත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය (CHP) තුළ හටගෙන ඇති බල අරගලය තවදුරටත් උග්‍ර කරමින්, ධුරයෙන් ඉවත් කරන ලද එහි හිටපු නායකයා පක්ෂය රැකගැනීම සඳහා එක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිද්දී, අධිකරණය විසින් පත් කරන ලද නව නායකයා පක්ෂය “පිරිසිදු කිරීමට” සපථ කරමින් වෙනම ප්‍රතිවිරුද්ධ රැස්වීමක් කැඳවා තිබේ.
පසුගිය 2023 වසරේ පැවැති පක්ෂ මහා සම්මේලනයේදී ඕස්ගුර් ඕසෙල් (Ozgur Ozel) මහතා CHP පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ නමුත්, එහි අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් තුර්කි අධිකරණයක් විසින් පසුගිය මාසයේදී එම පක්ෂ සම්මේලන තීරණය අවලංගු කරනු ලැබීය. ඒ වෙනුවට 2023 ජනාධිපතිවරණයේදී ජනාධිපති තායිප් අර්ඩගන් හමුවේ පරාජයට පත් වූ, පක්ෂය තුළ දැඩි මතභේදයට ලක්ව සිටින හිටපු නායක කෙමාල් කිලිච්දාරොග්ලු (Kemal Kilicdaroglu) නැවතත් පක්ෂ නායකත්වයට පත් කිරීමට අධිකරණය පියවර ගත්තේය.
දේශපාලන අරමුණු මත පදනම්ව ලබාදුන් තීන්දුවක් ලෙස විවේචකයින් හඳුන්වන මෙම අධිකරණ නියෝගය හේතුවෙන් තුර්කියේ මූල්‍ය වෙළෙඳපොළ දැඩි කැලඹීමකට ලක්ව ඇති අතර, එරට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ සැකසංකා ද මතු කර තිබේ. විපක්ෂය මුහුණ දී සිටින මෙම දැඩි අර්බුදකාරී ස්වභාවය, නේටෝ (NATO) සාමාජිකයකු වන තුර්කිය තුළ දශක දෙකකට අධික කාලයක් පාලනය ගෙනයන ජනාධිපති අර්ඩගන්ට සිය පාලන කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නිල වශයෙන් මීළඟ මැතිවරණය 2028 වසරේදී පැවැත්වීමට නියමිත වුවද, විපක්ෂයේ පවතින මෙම දුර්වලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රජය විසින් කලින්ම මැතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවට ද මත පළවේ.
පක්ෂයේ නායකත්වය වෙනුවෙන් සටන් වදින නායකයින් දෙදෙනාම පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සතිපතා පක්ෂ රැස්වීම ඇමතීමට සූදානම්ව සිටි අතර, ඕසෙල්ට පක්ෂපාතී මන්ත්‍රීවරුන් පැය කිහිපයකට පෙර සිටම පාර්ලිමේන්තු සභාගැබට රැස්ව සිටියහ. කෙසේ වෙතත්, විපක්ෂයේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින අන්කාරා නුවර නගරාධිපති මන්සූර් යාවාස් (Mansur Yavas) විසින් “බුද්ධිමත්ව කටයුතු කරන ලෙස” කරන ලද ඉල්ලීමෙන් පසුව, කෙමාල් කිලිච්දාරොග්ලු විසින් පාර්ලිමේන්තු රැස්වීම වෙනුවට පක්ෂ මූලස්ථානයේදී වෙනමම ප්‍රතිවිරුද්ධ රැස්වීමක් පවත්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Post Views: 0
Previous Post

Rebuilding Sri Lanka අරමුදලට පරන්තන් කෙමිකල්ස් වෙතින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක්

Next Post

පාස්කු විමර්ශනවලට බයවෙලා ඉන්න අය ඒ විමර්ශන කඩාකප්පල් කරන්න විවිධ දේ කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු විමර්ශනවලට බයවෙලා ඉන්න අය  ඒ විමර්ශන කඩාකප්පල් කරන්න  විවිධ දේ කරනවා

පාස්කු විමර්ශනවලට බයවෙලා ඉන්න අය ඒ විමර්ශන කඩාකප්පල් කරන්න විවිධ දේ කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved