27 April 2024
#දේශීය

සිමෙන්ති හිගය නිසා ගැටලු රැසක්

පවතින සිමෙන්ති හිගය නිසා මාතලේ සහ ඒ අවට නගරවල ඇති සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත වැසි යාමේ තත්වයක් මතුව ඇති බව එම කර්මාන්තයන්හි නිරත පිරිස් පවසයි.

රජය විසින් සිමෙන්ති සදහා සහතික මිලක් නියම කළත් එ් කිසිවක් මේ වන විට ක්‍රියාත්මක විමක් නොමැති බවත් අධිික මිල ගණන් වලට සිමෙන්ති අලෙවි කරන බවද ඔවුහු පවසයි.

විශේෂයෙන් සිමෙන්ති ආශ්‍රිත නිෂ්පදන වන බ්ලොක් ගල්,ලිං වලලු,වැට කණු.මල් පෝච්චි ඇතුලු විශාල නිෂ්පාදන රැසක් සිදු කර ගැනිමට නොහැකිව සිටින බවත් මේ නිසා තම කර්මාන්ත පවත්වාගෙන යා නොහැකි බවත් සේවය කළ සේවයකයින්ද සේවය අතහැර ගොස් ඇති බවද ඔවුහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *